
(සුමිත් පොතුපිටිය සහ සමන් කාරියවසම්)
පානදුර වෙළෙඳ සංගමයේ හිටපු සභාපති මෙන්ම ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වූ ගිහාන් කුරුප්පු මහතා පැහැරගෙන ගොස් පහරදී පානදුර මිනුවන්පිටිය සුසාන භූමිය ආසන්නයේ දමා ගොස් ඇති බව පානදුර දකුණ පොලිසිය ප්‍රකාශ කරයි.
ඔහුගේ දියණියන් දෙදෙනා සහ බිරිඳ සමග මෝටර් රථයෙන් නිවසට පැමිණෙමින් සිටියදී මෝටර් රථයකින් සිටි පුද්ගලයින් කිහිප දෙනෙක් රථයේ වීදුරු කඩා පැහැර ගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.
මෙම සිද්ධියෙන් එම ව්‍යාපාරිකයාගේ දියණියන් දෙදෙනාට කිසිදු හානියක් සිදුව නොමැති අතර ව්‍යාපාරිකයාගේ බිරිඳ ගේ දණහිසකට තුවාල සිදුව පානදුර මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
පානදුර වලාන මහානාම පාරේ අතුරු මාර්ගයක පිහිටි මෙම නිවස ආසන්නයේ වෙනත් මෝටර් රථයකින් සිටී පුද්ගලයන් කණ්ඩායමක් මෙම පුද්ගලයා පැහැර ගැනීමට උත්සාහ කිරීමේදී එම ව්‍යාපාරිකයා එම අතුරු මාර්ගය දිගේ ඔහුගේ මෝටර් රථය නොනවත්වා ධාවනය කර ඇති අතර ඉන්පසුව එම මෝටර් රථය එම මාර්ගයේ තිබු කානුවට ඇද වැටීණු අවස්ථාවේ ඔහුට පහර දී සැකකරුවන් පැමිණි මෝටර් රථයේ දමා පිටව ගොස් ඇත.
පුද්ගලයාගේ ඥාතී පුද්ගලයෙකු විසින් මුදල් ආරවුලක් හේතුවෙන් සිදුකර ගෙන ඇති බවට මේ වන විටත් තොරතුරු අනාවරණය වී ඇති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පානදුර දකුණ පොලිසිය විශේෂ විමර්ශනයක් සිදු කරනු ලබයි.
එම ව්‍යාපාරිකයාගේ මෝටර් රථයට බරපතළ හානි සිදුව ඇති අතර,සිද්ධිය සම්බන්ධයෙන් පානදුර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් පරීක්‍ෂණ කටයුතු ආරම්භ කර ඇත .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd